ගිලෙන නැවෙන් මීයන් පැන යයි – ගෝඨාභයගේ කැලෑ කොමිසමට විණිසුරන් බෑ කියයි

ලාංකීය දේශපාලනයට රාජපක්ෂලාගෙන් ලැබුණ දේ බෝහෝය. හොද මෙන්ම නරක ඒ අතර වෙයි. රාජපක්ෂ සනුහුරයෙන් ලැබුන හොඳ සීමිතය, ලැබුණ නරක ප්‍රමාණය වැඩිය. ඒවායින් සමහරක් පහත පරිදිය.

  1. චීනයෙන් ගිණි පොලියට ණය ගෙන කොමිස් ගැසීම
  2. රජයේ ව්‍යාපෘති රාජපක්ෂ හිතවාදීන්ට පවරා ඔවුන්ටද සිත් සේ ගසා කෑමට ඉඩදීම
  3. පක්ෂය වෙනුවට රාජපක්ෂ වන්දනාව සිදුකරන වහල් පැලැන්තියක් බිහි කිරීම ( බයියන් )
  4. රාජපක්ෂ වන්දනාව දේශප්‍රේමී ආගමක් බවට පත් කිරීම
  5. රාජපක්ෂ කඳවුරේ තක්කඩිකම් (හොරා කෑම, කුඩු විකිනීම, මිනී මැරීම) දේශප්‍රේමී අංග බවට පත් කිරීම

2014 වන විට රාජක්ෂලාගේ තක්කඩිකම් වලට එරෙහිව කැ‍රැල්ලක් පැණ නැගුණි. 2015 ජන 8 මහජන විප්ලවයකින් දූෂිත රාජපක්ෂලා සහ බයියන් පරාජය විය .

අවාසනාවට යහපාලන රජයේ ඇතැම් නායකයන් රාජපක්ෂලා සමග ඩීල් කළෝය. තවත් පිරිසක් රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහ.

යහපාලන රජයේ පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ පාවාදීම් නිසා ජනතා විප්ලවය යටපත් කොට යලි බලයා අල්ලා ගැනීමට තක්කඩි රාජපක්ෂ කඳවුර සමත් විය. 


රාජපක්ෂලා බලයට පැමිනි විගස තමන්ගේ තක්කඩිකම් වග විභාග කළ දේශපාලකයන් සහ නිළධාරීන්ගෙන් පළි ගැනීමට කොමිසමක් පත් කළේය. රාජපක්ෂලාගේ කොමිසම දූෂණයට ලක්වූ කාන්තාව චූදිතයා බවට පත් කොට සල්ලාලයා පැමිණිලිකරු කරන එකක් විය. එම නිසා එයට කැකිල්ලේ කොමිසම , කැලෑ කොමිසම වැනි නම් පටබැඳුණි.


ඊයේ දින එනම් පෙබ 28 දින කෑලෑ කොමිසමට පත් කළ විනිසුරන්ගෙන් එක් අයෙක් ඉල්ලා අස්වී ඇත.මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහය.


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉල්ලා අස්වූ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහය ප්‍රඥා වන්තයෙකි. මොළේ කලදක් හෝ ඇති එකෙක් දිනෙන් දින කඩා වැටෙන දූෂිත රාජපක්ෂ රෙජීමයට මුක්කු ගැසීමට යන්නේ නැත.  

Add Comment