
නිමල් සෑර් මීපුර මහ විද්‍යාලයේ ගුරවරයෙකි .මොහු පිලිබද විවිධාකාරයේ කථා විය. නිමල් සෑර් ලමුන්ට මත්පෙති විකුනන බවටද කථාවක් විය. මොන කතා තිබුනත් නිමල් සෑර් සිය රැකියාව යහමින් කරගෙන ගියේය .
මේ අතර මීපුර දහම් පාසැලේ වාර්ෂික තෑගි බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස නිමල් සෑර්ට ඇරයුම් ලැබුණි. ( මක්නිසාදයත් තෑගි බෙදා දීමේ බර පැන දැරුවේ නිමල් සෑර්ය )
නිමල් සෑර් තෑගි බෙදන්නේ කුඩු සල්ලි වලින් කියා කථාවක් තිබුනි. නමුත් පන්සලේ හාන්දුරුවෝ ඒ කථා තැකුවේ නැත.ප්‍රසිද්දියට කැමති නිමල් සෑර් තමාගේ ප්‍රධානත්වයෙන් තෑගි බෙදාදීම සිදුවන බවට පෝස්ටර්ද ඇලෙව්වේය
මේ අතර නිමල් සෑර්ගේ කලකිරියාව දත් ප්‍රදේශයේ කොලුවෙකු ” නිමල් ගුරුතුමා ” යන්න ”නිමල්කුඩු තුමා” ලෙසින් විකෘති කළේය. මේ පිලිබදව කුපිත වූ නිමල් සෑර් පෝස්ටරය විකෘති කළ කොළුවාට අමානුෂික ලෙස පහර දුන්නේය . කොළුවා මීපුර රෝහලට ඇතුල් කළේය . පහරදීම පොඩි නැත. මැහුම් 13කි.
නිමල් සෑර්ගේ පහරදීම පිලිබදව තරුණයාගේ මව පොලිසි ගියේය. නමුත් පොලීසිය පැමිණිල්ල බාර ගත්තේ නැත. මේ අතර දහම් පාසැලේ තැගි බෙදා දීමේ දිනය උදාවිය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස නිමල් සෑර් ආවේය.
නිමල් සෑර් ආරාධියාට වෙන් කළ පුටුවේ අසුන් ගත්ම සිදුවූයේ නොසිතූ දෙයකි. ” තෝ පර කුඩ්ඩා , තොගෙ මිනීමරු බොඩි ගාඩ්ලා මගෙ කොල්ලාට ගැහුවා ” කියා ගුටි කෑ තරුණයාගේ මව නිමල් සෑර්ට සෙරෙප්පුවෙන් පහර දුන්නේය.
මෙම සිදුවීම කන වැකුණු ගුරුවරයෙකු එය විදුහල්පති මහින්ද යාපා වෙත වාර්තා කළේය.නමුත් විදුහල්පති මහින්ද යාපා කීවේ හෙණ ගහන කථාවකි. ‘ඒවා අපට අදාල නෑ’ කියමින් විදුහල්පති නිමල් සෑර්ගේ පැත්ත ගත්තේය. ලංකාවේ පාර්ලීමේන්තුවේ වත්මන් කථානායක යාපා මීපුර පාසැලේ විදුහල්පති මෙනි.
ඇතැමුන් කියන්නේ කථානායක මහින්ද යාපා ඉතිහාසයේ පහලවූ දූෂිතම කථානායක බවකි. මා එම ප්‍රකාශයට 100 % ක් එකග නැත. මක්නිසාදයත් දූෂිත කප් එක ගැනීමට මොලමුරේ සහ යාපා අතර තියුනු තරගයක් ඇත.
මොලමුරේ යනු පනාමුරේ ඇත් රජුට වෙඩි තැබිමට අණ දුන් අනාචාරයේ හැසිරී වරද කරුවූ, මඩුවන්වෙල වලව්වේ මුදල් හොරකම කළ තුච්ඡ නින්දිත අධමයෙකි. අවසානයේ මෙම පව්කාරයා දෙනෝදාහක් ඉදිරියේ කථානායක පුටුවේම මැරී වැටුනේය.
කෙසේ වුවද යාපා මොලමුරේට දෙන සටන සුළුපටු නැත. ‘ඩක්වර්ත් ලුවිස්’ ක්‍රමයට අනුව ගත හොත් මේ වන විට ඉදිරියෙන් සිටින්නේ යාපාය.නමුත් වැස්සෙන් බාදා නොමැතිව තරගය පැවැත්වෙන හෙයින් අවසානය ගැන කිසිවක් කිව නොහැක