සිරිසේන බිල්ල සහ බැසිල්ගේ දේශපාලනය

සිරිසේන බිල්ල සහ බැසිල්ගේ දේශපාලනය image 61

2019 වර්ශයේ එල්ලවූ පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ සහ ලංකාවේ ආන්ඩු වල ඉරණම තීරණය කළ බව අවිවාදිත කරුනකි. ඉන්දියාවේ මැතිවරණය ලංකාවේ මෙන් එක් දිනකින් අවසන් වන එකක් නොවේ, මාසයක් පුරා එය පැවැත්වෙයි. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඉන්දියාවේ කිතුණු භක්තිකයන් වැඩිම පිරිසක් වාසය කරන ගෝව, කේරල ප්‍රාන්ත වල ඡන්ද විමසීමට පෙර දිනය.

ලංකාවේ පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමගම මෝදිගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථා මාතෘකාව වූයේ අයි එස් ත්‍රස්ත තර්ජනයයි. පකිස්ථානයයෙන් ඉල්ලං කෑම,දූෂිත රෆායෙල් ගණුදෙනුව වැනි දහසක් හේතු නිසා නට්ටං වී සිටි මෝදි නැවත අළු ගසා නැගිට්ටේ පාස්කු ප්‍රහාරයේ පිහිටෙනි.පාස්කු ප්‍රහාරය නෙළුම් මලේ ( BJP) සහ පොහොට්‍ටුවේ හවුල් නිෂ්පාදනයක් බව ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇත.

පාස්කු ප්‍රහාරයේ උණුසුම සිය ජයග්‍රහණය වෙනුවෙන් කළමණාකරණය කළ ඔවුන් සිය මෙහෙයුම එතැනින් අවසන් කළා යයි අනුමාන කිරීමට හේතු නැත. එනම් ඉන්දියාවේ BJPට සහ ලංකාවේ පොහොට්‍ටුවට ඉනික්බිති එලඹෙන 2024 මැතිරණයේදීද පස්චාත් පාස්කු බලපෑම අවියක් ලෙස භාවිතා කල හැකිය.

මේ වන විට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිරිසේනට අපරාධ චෝදනා ඉදිරිපත් වී ඇත. නමුත් සිරිසේන විත්ති කූඩුවට නංවන තෙක් ජනයාට ඒ පිලිබදව විශ්වාසයක් නැත. මක්නිසාදයත් ගෝඨා -සිරිසේන එක ගෙයි කෑම එළි පිටම සිදුවන්නක් නිසාය.

ගෝඨා සිරිසේන එක ගෙයි කෑවද බැසිල් සහ සිරිසේන එදා සිටම නයාට අඳු කොල මෙනි. එපමනක් නොව ගෝඨාගේ ප්‍රතිරූපය දිනෙන් දින ක්ෂය වන අතර බැසිල් ගුප්ත හස්තයක් ලෙස ඉස්මතුවෙමින් ඇත.

යම් හෙයකින් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබදව සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හොත් ඒ පිළිබදව 99% ජනයා සතු‍ටු වනවා නිසැකය.

ලාංකීය දේශපාලණයේ හද ගැස්ම හොඳින්ම කියවිය හැකි දේශපාලනඥයා බැසිල් නම් සිරිසේන විත්ති කූඩුවට නංවා එම වාසිය අත්පත් කර නොගැනීමට හේතු නැත

Add Comment