නන්දසේනට අභියෝගයක්- රට එක්සේසත් නම් ‘ගම සමග පිළිසදර’ වහා උතුරේ තියනු

යුද සමයේදී අතුරුදන් වූ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව නගරයේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි මවක් පෙරේදා (22 දා* සවස හදිසි හෘදයාබාධයකින් මියගිය බව දිවයින පුවත්පත වාර්තා කොට ඇත.මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ, මරවන්කුලම් ප‍්‍රදේශයේ පදිංචි තාමෝදරපිල්ලේ පේරිම්බනායගී නමැති 61 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ  පුතකු 2000 වසරේදී වවුනියාව නගරයට පැමිණි අවස්ථාවක අතුරුදන් වූ බව පවසමින් මෙම මව තවත් පිරිසක් සමග දින 1465 ක කාලයක් අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටියදී මියගොස් තිබේ. පසුගිය සතියේදී මුලතිව් ප‍්‍රදේශයේ මවක්ද මේ අන්දමටම මියගියාය.

තමන් විසින් රට එක්සේසත් කළ බව නන්දසේන නිතර කියන සින්දුවකි. එක්සේසත් කළ රටට සෞභාග්‍ය උදාකරන බවටද නන්දසේන පාරම් බායි. කෝටි ගනන් මුදල් වැයකරමින් ” ගම සමග පිළිසඳරක් ” වැනි වැඩ සටහන් පවත් වන්නේ හඬක් නැති මිනිසුන්ගේ ගැටළු විසදීමට යයිද කියයි.

නමුත් නන්දසේන කියන කථා Lankanewsapp අපට විශ්වාස නැත. නන්දසේන කියන කථා ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්විය යුතුය

නන්ද සේන රට එක්සේසත් කළේ නම් උතුරු පලාතද ලංකාවේ කොටසකි.

ගම සමග පිළිසදරක් පවත්වන්නේ හඬක් න් නැති මිනිසුන් වෙනුවෙන් නම්, එවැනි අසරණ මිනිසුන් වැඩිම ප්‍රමානයක් සිටින්නේ උතුරු පලාතේය.

උතුරේ වෙසෙන්නේද අපගේ සහෝදර ජන කොටසක් යයි අප විශ්වාස කරන්නෙමු.

නන්දසේන ! කරුණු එසේ හෙයින් වහාම උතුරට ගොස් ”ගම සමග පිළිසදරක්’ පවත්වනු