පොහොට්‍ටුවෙන් දික්කසාද වීමට සිරිසේන තීන්දු කරයි – බැසිල්ගේ ප්‍රතිචාරය ලඟ ලඟම

ඊයේ (24) සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ‍රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බරපතළ දේශපාළන තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිසේනට අපරාධ චෝදනා ගොනු කිරීම බැසිල්ගේ මැදිහත්වීම මත සිදුවූවක් බවට මෙහිදී සාකච්ජාවට ලක්ව ඇත.

  1. ඒ අනුව යලි කිසි දිනක පොහොට්‍ටුව සමග සන්ධාන ගත නොවීමට සිරිසේන තින්දු කොට ඇති අතර පක්ෂ මධ්‍යම කමි‍ටුව එය අනුමත කොට ඇත.

2. අනාගත මැතිවරණ වලදී පොහොට්‍ටුවට එරෙහිව ගොඩනැගෙන විකල්ප සංධානයකදී ශ්‍රිලනිප පෙරගමන්කරුවා විය යුතුබවටද තීන්දු කොට ඇත.

3. සිරිසේනට හෝ පක්ෂයට එරෙහිව කුමන චෝදනා පැමිනියද , පොහොට්‍ටුවේ බලඅධිකාරය හෝ ගෝඨාණ්ඩුව සමග කිසිදු කේවල් කිරීමක් නොකළ යුතු බවටද තීන්දු කොට ඇත

ඊයේ දිනයේ ගත් තීන්දු තීරණ අනුව ශ්‍රීලනිප පොහොට්‍ටුවෙන් දික්කසාද වීමේ අභිලාෂය පැහැදිලිවම පෙන්වා ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වෙයි .බැසිල් තවම ඒ පිලිබදව ප්‍රතිචාර දක්වා ඇත