ජාතිවාදීන් අභයාරාමයේ ‍රැස්වෙයි, පොහොට්‍ටුවේ බලය ගෝඨාභයට දිය යුතු බව යලි කියයි

ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ 10ක් අද අභයාරාමයෙදී ‍රැස් විය.පොහොට්‍ටුවේ බලය ගෝඨාභයට දිය යුතු බව විමල් එහිදී යලිත් කීවේය. විමල් එම කථාව මීට පෙරද කී අතර එය ගින්නක් මෙන් පත්තු විය . බැසිල් පාර්ශවය සහ විමල් පාර්ශවය අතර ගැ‍ටුමක් ඇති වූයේ එම කථාව නිසාවෙනි.

ගෝඨාබයට 2025 ජනාධිපතිවරණයට පොහොට්‍ටුවේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ලබා ගැනීමට නම් පක්ෂයේ බලය අත්‍යවශ්‍යය.

විමල්, දිනේෂ්, ගම්මන්පිල වැනි ජාතිවාදින්ට 2025 පාර්ලීමේන්තු මැතිවරණයෙදී පොහොට්‍ටුවෙන් නාම යෝජන ලබා ගැනීමට ගෝඨාභය අවශ්‍යය.

2025 වන විට මහින්දගේ ක්‍රියාකාරී දේශපාලනය සැක සහිතය . විමල්, දිනේෂ් , ගම්මන්පිල වැනි ජාති භෂ්ඨයන්ට බැසිල් කිසි දිනක නාම යෝජනා දෙන්නේ නැත.

රාජපක්ෂ ශරීරයේ කිනිතුල්ලන් මෙන් එල්ලී සිටින විමල්, දිනේෂ්, ගම්මන්පිල වැනි ජාතිවාදින්ට බැසිල් යටතේ ඉදිරි ගමනක් නැත.

කරුනු එසේ හෙයින් විමල්ගේ කල්ලිය අඩන්නේ රට ගැන සිතා නොව බඩ ගැන සිතා බව මින් පැහැදිලිය