කුඩු ජාවාරමට බ්‍රිගේඩියර් සම්බන්ධ බවට සැකයක්

යුද හමුදාවට අයත් KDH වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.හෙරොයින් සමග අත්තිඩිය හමුදා කදවුරේ සේවය කරන හමුදා සෙබළු දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. පානදුර  වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත

හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හමුදා නිල ඇඳුමින් සැරසී සිටි බව පොලිසිය කියයි.

වෑන් රථය අත්තිඩිය හමුදා කඳවුරේ බ්‍රිගේඩියර්වරයකුට අයත් එකකි. මෙම බ්‍රිගේඩියර් මෑත කාලයේ රු කෝටි ගණනක දේපල මිලදී ගෙන ඇති අතර ඔහුද හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට පොලීසිය සැක කරයි