විමල්,ගම්මන්පිල එළවා රාජිත බා ගැනීමට බැසිල්ගෙන් සැලසුමක් !

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ ගෙන යන වැඩපිළිවෙළ නිෂ්ක්‍රීය කිරීම සඳහා රාජිත සේනාරත්න සහ සමගි ජනබලවේගය නියෝජනය කරන ජේෂ්ඨයෙකු එක් කරගැනීමට උත්සාහයක් පවතින බව වාර්තා වෙයි.

නිස්සංක සේනාධිපති නම් මෝග පුරුෂයා මෙම දේශපාලකයන් පරාජය කිරීමට පසුගිය පාර්ලිමේන්තුවේදී රු කෝටි ගණනක් වියදම් කර තිබුණි.

මේ වන විට සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක ධූරයට මෙන්ම 2025 ජනාධිපති අපේක්ෂකත්වයට චම්පික රණවක ප්‍රභල තර්ජනයක් වී ඇත. චම්පිකට සජබ පක්ෂයේ ඉහල ඇවරියේ තනතුරක් ලබා නොදී සිටින්නේ මේ හේතුව නිසාය.

සජිත් ප්‍රේමදාස තම පැවැත්ම සුරක්ෂිත කරගණු වස් චම්පිකට පල නොකියා පලා බෙදමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ජලනි ප්‍රේමදාස මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටුකරන බව වාර්තා වෙයි

ජලනි ප්‍රේමදාස බැසිල් සමග එක්ව චම්පිකට සහ රාජිතට සජබ පක්ෂයේ තනතුරක් නොදී පිල් මාරුවක් වෙත තල්ලු කරමින් සිටින බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස රනිල්ටත් එහා යමින් රාජපක්ෂලා සමග නීච නින්දිත ඩීල් දේශපාලනයක නිරත බව මේ වන විට මොනවට පැහැදිලි වී ඇත