සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල ‍රැස්වීම සහ තීන්දු තීරණ ගැන ජේෂ්ඨයන්ගේ විරෝධය

සමගි ජන බලවේගය පක්ෂයේ දෙවැනි කෘත්‍යාධිකාරී මණ්ඩල ‍රැස්වීම 26 වනදා එනම් ඊයේ පැවැත් වුණි.

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවකට ඊයේ දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ තනතුරක් ලබා දීමට නියමිත වුවද එවැන්නක් ඊයේ දින සිදු නොවූ අතර ඔහු ඊයේ දිනයේදී ඊට සහභාගි වී සිටියේ ද නැත.

තවද එම ‍රැස්වීමේදී සජිත් ප්‍රේමදාසගේ පැවැත්ම සුරක්ෂිත කරනුවස් යෝජනා කිහිපයක්ම සහතික කරනු ලැබීය. මින් ඉදිරියට පිටින් ගෙන එන පොදු අපේක්ෂකයන් ජාතික මැතිවරණවලට ඉදිරිපත් නොකරන බවට සජිත් නිවේදනය කළේය .

ජාතික විද්වත් සභාව මේ මස 13දා ‍රැස් කිරීමටත්,  පක්ෂයේ ප‍්‍රථම සංවත්සරය ලබන 15 වැනිදා හයිඞ් පාර්ක් පිටියේදී පැවැත්වීමට ද ඊයේ තීරණය කළේය.

මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ගැටළුව , ගොවි ගැටළු, පරිසර විනාශය, මොටර් බයිසිකල් කර්මාන්ත කරුවන්ගේ ගැටළු, මාධ්‍ය මර්ධනය , ආනයන සීමා කිරීම නිසා අගතියට පත් නිෂ්පාදකයනගේ ගැටළු ගැන කිසිවක් නොකළ පක්ෂය හයිඩ් පාක් පිටියේ ප්‍රථම සංවත්සරය සැරසීම අපුලක් බව පක්ෂයේ ජේෂ්ඨයන්ගේ මතය විය