විමල්ගේ කොටළු කල්ලිය අනාථයි, බැසිල්-මංගල නව සන්ධානයක් .!

විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා බැසිල් රාජපක්ෂ සහ මංගල සමරවීර අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

2005 වසරේ මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ මංගල සමරවීර ඉන් වසර දෙකකට පසු මහින්ද කඳවුරෙන් බිඳී ගියේය.

පසුගියදා කොළඹ පැවති ප්‍රසිද්ධ මංගල උත්සවයක දී බැසිල් රාජපක්ෂ මුණගැසුණු මංගල සෑහෙන කාලයක් සුහද කතාබහක නිරත වූ බව වාර්තා විය.

කෙසේ වෙතත් බැසිල් සහ මංගල විමල් වීරවංශ , නලීන් ද සිල්වා සහ ජාතිවාදී සිවුරුකාර කල්ලිය පි‍ටුදැකීමට නව පෙරමුණක් ගොඩනැගීම උදෙසා බව දේශපාලාන ආරංචි මාර්ග කියයි.