සිරිසේන,විමල් අනාථයි- පලාත් සභා මැතිවරණයෙදී පොහොට්‍ටුවෙන් නාමයෝජනා නෑ

මේ වන විට පලාත්සභා මැතිවරණය සදහා දින වකවානු නියම කොට ඇත. බැසිල්ගේ ඡන්ද මැසිමද ක්‍රියාත්මක කොට ඇත. මෙවර පලාත් සභා මැතිවරණය සදහා පොහොට්‍ටුව තනිව තරග කිරීමට බැසිල් තීරණය කොට ඇත. එනම් සිරිසේන, විමලේ, දිනේෂ් , ගම්මන්පිල,වාසු යන අයගේ ගෝලයන් කිසිවෙකුට පොහොට්‍ටුවෙන් නාම යෝජනා නැත.

මේවන විට ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරු 17ක් සහ විමල් , ගම්මන්පිල , දිනේෂ් සහ වාසු පිල ( පින් පියා පිල ) නියෝජනය කරන මන්ත්‍රීන් 7 දෙනෙක් පාර්ලීමෙන්තුවේ වෙයි.

මේ වන විට ශ්‍රීලනිප පැහැදිලිවම දෙකඩ වී ඇත. පාර්ලීමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීන්ගෙන් 12 දෙනෙකු පොහොට්‍ටුව සරණ යාමට නියමිතය. පලාත්සභා මැතිවරණයට පෙර ශ්‍රීලනිප දෙකඩවීම නියතයකි.

විමල් වීරවංශ උභ‍තෝකෝටිකයකට මැදිවී ඇත. විමල්ගේ පක්ෂය වෙනම තරග කළ හොත් මුළු ලංකාවෙන් ඡන්ද 5000 ක් ලබා ගැනීමට නොහැකි වනු ඇත .පලාත් සභා වලට විරෝධය පල කොට මැතිවරණ සටනින් ඉවත් වුවද බැසිල්ගෙන් ගැලවීමක් නැත. විමල් බැසිල් සමග ගැ‍ටුමකට ගියේ මන්ද කියා දැන් පැහැදිළිය .

ගම්මන්පිළ යනු ලාංකීය දේශපාලන කරළියේ නීච නින්දිත නිවටයෙකි. මැදමුලන වලව්වෙන් විසිකරන දෙයක් අනුභව කිරීමට ඔහු සූදානම්ය. ගම්මන්පිල විප්ලවකාරයෙක් නොව නීච පාවාදෙන්නෙකි. ඩබල් ගේම් කාරයෙකි. වාසු සහ දිනේෂ් වයෝවෘර්ධයන් දෙදෙනෙකි. මේ ඔවුන්ගේ අවසාන පාර්ලීමේන්තුවය හෙටක් ගැන බලාපොරොත්තුවක් නැත.එහෙයින් පලාත්සභා ගැන ඔවුන් වද වන්නේ නැත.

සැබැවින්ම සිරිසේනගේ ශ්‍රීලනිප, විමල්ගේ බහුජන නිදහස් පෙරමුණ යනු ජන පදනමක් නැති බෝඩ් ලෑලි පමනි. නමුත් සජිත් ප්‍රේමදාස ශ්‍රිලනිප සහ විමල්ගේ පක්ෂය වැළදගැනීමට සැදී පැහැදී සිටියි. ලක්ෂ 50 ක ස්ථිර ජනපදනමක් ඇති එජාප යලි එක්සේසත් කිරීමට සැලසුමක් නැත. රිම් එකෙන් යන පොහොට්‍ටුව සජිත්ගේ පිහිටෙන් පලාත් සභා මැතිවරණයෙදී වාර්තා ගත ජයක් ලබනු ඇත.