ශිරාල් සජිත්ගේ ඔළුවටම පහරදෙයි ! සජබ දෙකඩ වෙයි,අභ්‍යන්තර ආරවුල තවත් සඟවනු බෑ

පාස්කු ප්‍රහාරයට වරදිකරුවන් වන අයට තම ආණ්ඩුවක් යටතේ මරණ දඬුවම ලබා දෙන බවට සජිත් කළ කථාව රට්‍ටු හින්ස්සවන ගොං කථාවක් බව ශිරාල් ලක්තිලක ප්‍රකාශ කරයි.

ආණ්ඩුව ෆේල් වුව ද විපක්ෂය අතාර්කික නම් ජනතාව එවැනි විපක්ෂයක් රට පාලනය සඳහා තෝරා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය

වෙබ් අඩවියක් වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත. ශිරාල් යනු රනිල්- සජිත් බල අරගලයෙදී සජිත්ගේ දකුනු අත මෙන් සිටි පුද්ගලයෙකි. සජිත්ගේ කීමට සිරිකොතට ගල් ගසා හිරේ විලංගුවේ වැ‍ටුන අයෙකි.

ශිරාල් ලක්තිලක 43 වන සේනාංකය උත්සවාකාරයෙන් ජනගත කළ දින චම්පික සමග එකට සිට ගත් ඡායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කොට තිබුණි.

ආණ්ඩුවට අභියෝග කළ හැකි එකම නායකයා තමා බවත්, යලි පොදු අපේක්ෂකයින්ට ඉඩ නොමැති බවත් සඳහන් කරමින් සජිත් කළ ප්‍රකාශයට පසු දින ශිරාල් කළ මෙම ප්‍රකාශය හේතුවෙන් සජබ පිල දෙකඩවී ඇති බව මොනවට පැහැදිළිය