පොහොට්‍ටුවේ දැළි ගාන විශේෂ මාධ්‍ය හමුව අවලංගු කරන ලෙස ජේෂ්ඨයන් විමල්ගෙන් ඉල්ලයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අද දින බැසිල් රාජපක්ෂට එරෙහිව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.

එම මාධ්‍ය සාකච්ඡාව කඩාකප්පල් කිරීමට බලවත් හස්තයක් උත්සාහ කරන නිසා මධ්‍ය සාකච්ඡාවට විශේෂ පොලිස් ආරක්ෂාවද ඉල්ල තිබුණි

රංජිත් විතානගේ ලිඛිත ලියවිල්ලක් මගින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයායාට ඒ බව දන්වා තිබුණි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පට්ට දූෂිතයෙකු බව හෙළිදරව් කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුන විය.

දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව්කරන කරුණු අනුව රංජිත් විතානගේට මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ විමල් වීරවංශය.

කෙසේ වුවවද පලාත් සභා මැතිවරණය අභියෙස පොහොට්‍ටුවේ දැළි ගාන මාධ්‍ය සකච්ඡාවට පක්ෂයේ බොහෝ දෙනෙක් විරෝධය පල කොට තිබුණි. තවද අදාල මාධ්‍ය හමුව අවලාංගු කරන ලෙස ඔවුන් විමල්ගෙන් උදක්ම ඉල්ලා ඇත