වේල්ල වීදියේ දමා ගිය 26 හැවිරිදි තරුණියගේ හිස තවම සොයාගෙන නෑ

වේල්ලවීදිය ගෑස්පහ හන්දියේදී ගමන් බෑගයක දමා තිබියදී ඊයේ (01 දා) දහවල් සොයාගත් හිස කඳින් වෙන් කළ තරුණියගේ සිරුර ඝාතකයා විසින් හංවැල්ල සිට පෞද්ගලික බස් රථයක දමාගෙන කොළඹට ගෙනවිත් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

26 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය හංවැල්ල ප‍්‍රදේශයේ කිසියම් ස්ථානයකදී ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.

සැකකරු වේල්ලවීදිය ඔස්සේ මෙම තරුණියගේ සිරුර බහාලූ බෑගය රැුගෙන යන ආකාරය පොලිසිය විසින් සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබේ.

එසේම මෙම තරුණියගේ හිස ගමන් මල්ල තුල නොතිබූ අතර එය මෙතෙක් සොයා ගෙන නැත. මේ සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත

ගෝඨා මැතිවරණයට පෙර ආරක්ෂිත රටක් ගැන පොරොන්දු වුවද ලංකාව පෙර කිසිදා නොවූ වුරූ ලෙස අනාරක්ෂිත වී ඇත.මක් නිසාදයත් ගෝඨාගේ ආගමනයත් සමග මහාපරිමාන කුඩු කාරයන් සහ දාමරිකයන් අළු ගසා දමා නැගිට ඇත