ගෝඨාන්ඩුවට අගරදගුරුගෙන් දැඩි විරෝධය – කෙස් කෙලින් කරන කථාව මෙන්න

මුතුරාජවෙල කොළඹ නගර මුවදොර පිහිටි මිල කළ නොහැකි තරම් වටිනා භූමි භාගයකි. මේ වන විට ගෝඨාභයගේ මැතිවරණයට මුදල් විසිකළ ව්‍යාපාරිකයෙක් මෙම භූමිභාගය අත්පත් කරගැනීමට දඟ දමමින් සිටියිය . නමුත් වත්මන් අගරදගුරුවරයා නිසා එම ව්‍යාපෘතිය මන්දගාමී වී ඇත

පසුගිය 21 වැනිදා පරිසර ඇමති සහ වනජීවී ඇමති අගරදගුරුවරයාගේ නිවසට කැඳවා මේ පිලිබදව ප්‍රශ්න කොට තිබුණි. එහිදී මුතුරාජවෙළ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොකරන බවට ඇමතිවරු දෙපල පොරොන්දු විය.

නමුත් ගෝඨාණ්ඩුව එම පොරොන්දුවට පි‍ටුපාමින් මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇත, ඒ අන් කිසිවකට නොව ව්‍යාපාරිකයාගේ කුට අරමුණු ඉ‍ටු කිරීමටය

අගරදගුරුතුමන් ගෝඨාණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සිය දැඩි විරෝධය පල කොට ඇත. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. අගරදගුරුවරයෙකු දන්නා ඉතිහාසයේ මෙතරම් දැඩි ලිපියක් කිසිම රජයකට යවා නැත.

මරණ බිය සහ මුදල් බලය නිසා ලංකාවේ ජන මාධ්‍ය සහ අගරදගුරුවරයා නොකියන කථාවක් ඈත . සැබැවින්ම මුතුරාජවෙළ ඉඩම් අත්පත් කර ගන්නේ කැසිනෝ පුරවරයක් ඉදිකිරීමටය .මෙම ඉඩම් අත්පත් කර ගන්නේ අන් කිසිවෙකු නොව මෙරට කැසිනෝ අගරජුය.

මෙම ව්‍යාපෘතියට කිසිදු බෞද්ධ භික්ෂුවක් එරෙහි නැත, විපක්ෂ නායකයා මීක් නැත . මක් නිසාදයත් සජිත්ගේ සසුනට අරුණ වැඩ සටහනට මුදල් විසිකරන ව්‍යාපාරිකයන් අතර මෙම කැසිනෝ ව්‍යාපාරිකයා ඉදිරියෙන්ම සිටියි. පන්සල් වලට දක්වන අනුග්‍රහය නිසා නායක සාදුලා මෙම ව්‍යාපාරිකයාට පක්ෂය

මුතුරාජවෙළ කැසිනො ව්‍යාපෘතියට එරෙහි වන්නේ අගරදගුරු පමනි. කරුණු එසේ හෙයින් මේ වනවිට අගරදගුරු නිහඩ කිරීමට ශූක්ෂම වැඩසටහනක් දියත් කොට ඇත. ලංකාව සිංහළ බෞද්ධ රටක් බවත් එහි පාලකයන් අනුශාසනා ලබාගත යුත්තේ බෞද්ධ භික්ෂූන්ගෙන් මිස අගරදගුරුගෙන් නොවන බවට ‍රැල්ලක් හැදීමට නියමිතය.

තවද රජයේ ඇමතිවරු අගරදරුගේ නිවසට කැඳවා ප්‍රශ්න විමසීමට එරෙහිව විරෝධතා ‍රැල්ලක් ගොණු කිරීමට නියමිතය. අගරදගුරුතුමාට එරෙහිව විරෝධය ගොණු කිරීමට වොයිස් කට් බෞද්ධ භික්ෂූන් කිහිපදෙනෙකුට දැනටමත් මුදල් ගෙවා ඇත