බෝම්බ කොමිසන් වාර්තාවෙන් 1/3ක් අතුරුදහන් – නිෂාරා මාධ්‍යට කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව එමගින් රැස්කළ සාක්ෂි සහ විමර්ශන වාර්තා අඩංගු වෙළුම් හෙවත් ග්‍රන්ථ 87ක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇතැයි නීතිපති මාධ්‍ය ප්‍රකාශක නිෂාරා ජයරත්න පවසයි.

ඒ අතරින් ග්‍රන්ථ 65ක් පමණක් නීතිපතිවරයා වෙත ඊයේ (03) දින යොමුකර ඇතැයි ද ඇය සඳහන් කරයි.

කොමිසමේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරු ඇතුළත් ග්‍රන්ථ 22ක් නීතිපතිවරයා වෙත ලබා නොදුන් බව ද නිෂාරා ජයරත්න අනාවරණය කරයි.

මෙම සියලු වාර්තා විමර්ශනය කර කාර්යක්ෂම ලෙස වැරදිකරුවන්ට එරෙහිව නඩු පවරන බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළ බව ද ඇය වැඩි දුරටත් පැවසුවා ය.

පසු සටහන – සහරාන්ගේ බිරිද දුන් සාක්ෂි, ක‍ටුවාපිටිය බෝමබ කරුගේ බිරිද වන පුලස්තිනී රාජේන්ද්‍රන් පිලිබදව හෙළිදරව් වූ කරුණු, දෙහිවල බෝම්බ කරු පිළිබදව හෙළිදරව් වූ කරුනු සඟවා ඇති බව අප මුල සිටම ලියා ඇත.