අයියාගේ කාර්යාලයේ ඉල්ලීමට සනත්ට එන්නත විදලා,ලේකම්ට බඩු බනිස්, අයියා මලෝ යලි ගැටෙති!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දුන්නේ යැයි චෝදනා කරමින් කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂද සිල්වා මෙම ධුරයෙන් ඉවත්කර ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

තතු දත් ආරංචි මාර්ග කියන පරිදි සනත්ට එන්නත විද ඇත්තේ අයියාගේ කාර්යාලයේ ඉල්ලිමකට අනුවය. නමුත් ඒ පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලය කිපී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ කොරෝනා අමාත්‍යංශ ලේකම් ගෙදර යවා ඇත.

කෙසේ වුවද සනත්ට එන්නත විද්දීම පිලිබදව සෞඛය අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් සහ රාජ්‍ය මාධය ආයතන කොරෝනා වලට පිලියම් ලෙස මිත්‍යා විශ්වාස/පැණි ප්‍රවර්ධනය කල වටපිටාවක එන්තන්කරණයේ වැදගත්කම පිලිබදව ජනයා තුල විශ්වාසයක් ඇති කිරීමට සනත් ජයසූරියට එන්නත් ලබා දුන් බව එහි සදහන් කර තිබුණි.

මේසන් බාස් ධම්මික පැණිය ප්‍රවර්ධය කිරීමට නන්දසේන ගෝඨාභය රුකුල් දුන් බව ප්‍රසිද්ධ කථාවකි. ගෝඨාභයගෙන් ලකුණු දා ගැනීමට ප්‍රසිද්දියේ පැණි පානය කළ සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා වැළදුන අතර ඇය පන කෙන්ද බේරා ගත්තේ නන්දසේන ප්‍රමෝට් කළ පැණියෙන් නොව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිටෙනි.