කොරෝනාව ගරානාවක් කරගත් නන්දසේනගේ පලමු ඇණ ගැනීම ඉරණතිව් !

ඉම්රාන් ඛාන්ගේ සංචාරයට සමගාමීව කොරෝනා මෘතදේහ භූමදානයට කැබිනට් අනුමැතිය හිමි විය. අද දින එනම් මාර්තු 3 දින භූමදානය කිරීමේ ක්‍රියාපටිපාටිය සකසා අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කළේය. නමුත් කොරෝනා මෘතදේහ ඉරනතිව් දූපත වෙත ගෙනයාහැකි තත්වයක් දැන් නැත.

කොරෝනා මෘත දේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් කිළිනොච්චි ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් මාරාන්තික විරෝධතාවයක් අරඹා ඇත.

එම විරෝධාතාව කොතරම් දරුණුදයත් මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දැමූහ.

ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර දූපතේ කිසිදු පුද්ගලයෙකුට මේ දක්වා කොරෝනා වැළදී නැත.

කරුණු එසේ හෙයින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් ඉඩ නොදෙන නොදෙන බවට විරෝධතාකරුවන් ශපත කළහ

නන්දසේන කොරෝනා මෘත දේහ භුමදානයට විරුද්ද වුයේ  විද්‍යාත්මක පදනමකින් නොව සුළු ජාතිකයන්ට එරෙහි අමුම අමු වර්ගවාදී දුෂ්ටියකිනි. මක්නිසාදයත්, මැතිවරණයේදී පේමන්ට් රිලවෙකු ලෙස නැටවූ සිංහල බෞද්ධ අන්තවාදීන් පිනවීම නන්දසේනට අත්හල නොහැකි කර්තව්‍යක් විය.

නමුත් අවසානයේ ශිෂ්ඨාචාරගත සමාජය ලංකාව කොන්කරන විට සිංහල බෞද්ධ අන්තවාදි සත්වයා නැටවීම මදකට නැවැත්වීමට සිදුවිය. නන්දසේන සිංහළ බෞද්ධ අන්තවාදී සත්වයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව යන දෙකම බැලන්ස් කිරීමට සැරසුනේය. නමුත් නන්දසේනගේ සැලසුම උපන්ගෙයිම බකල් වී ඇත

කොරෝනා මෘත දේහ බලහත්කාරයෙන් ආදාහයනය කිරීම නොකළ යුතු බව සහ WHO මාර්ගෝපදේශ වලට අනුගතව ක්‍රියා කළ යුතු බව ගෝඨා හැර රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයන්ගේ මතය විය

කොරෝනාව සාහසික ගරානාවක් කරගත්තේ නන්දසේනය. නන්දසේන තම හිතවතුන්ට අසරණ විදේශ ශ්‍රමිකයන්ගෙන් සාහසික ලෙස ගසා කෑමට ඉඩ දුන්නේය.

ගසා කෑම නවතා විදේශ ශ්‍රමිකයන්ට පෙරළා පැමිණීමට ඉඩ දෙන ලෙස ඉල්ලා පවත්වන උද්ගෝෂණය මාර්තු මස 9 දින ප:ව 2ට කො‍ටුව දුම්රිය පොළ ඉදිපිටදී පැවැත් වෙයි.