ගෝඨාණ්ඩුවට එරෙහි සිය ගණනකගේ ජීවිත අනතුරේ ! සුරේෂ් සලේ වැනි හීලෑ සත්වයෙකුට බුද්ධි අංශය බාර දුන්නේ කොස් කොටන්නට නොවන බව වටහා ගත යුතුය

BBC මාධ්‍යවේදි ආර්. අරුන් ප්‍රසාත් පසුපස නාදුනන පිරිසක් ලුහුබැදිම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. අරුන් ප්‍රසාත්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නොමැති මුත් කිවයුතු කථාවක් ඇත

කාලයත් සමග පරිනාමණය වන ලෝකයේ දේශපාලන විරුද්ධවාදීන් සහ මාධ්‍ය වෙදීන් දඩයම් කිරීමට යොදා ගන්නා ක්‍රමවේදද වෙනස් වෙමින් ඇත. කෙනෙකු භෞතිකව මරා දමනවා වෙනුවට අධ්‍යාත්මිකව මරා දැමීම හෝ ජීවිතයේ සංවේදීම ස්ථානයට පහරදීම දක්වා බුද්ධි අංශ මෙහෙයුම් විතැන් වී ඇත.

ලේ තැවරුනු ඉතිහාසයකට හිමිකම් කියන ගෝඨාභය, සුරේෂ් සලේ වැනි හීලෑ සත්වයෙකුට බුද්ධි අංශය බාර දුන්නේ කොස් කොටන්නට නොවන බව ලංකාවේ දේශපාලකයන් සහ මාධ්‍යවෙදීන් වටහා ගත යුතුය. මේ වන විට ගෝඨාණ්ඩුවට එරෙහි ක්‍රියාකාරීන් සිය ගණනකගේ සංවේදීම ස්ථානය බුද්ධි අංශ විසින් හයි ජැක් කොට ඇත, තවත් විටෙක සැබොටාජ් ප්‍රහාර එල්ල කොට ඇත.

මේ වන විට ”තොරතුරු” එසේ නොමැතිනම් දත්ත ලෝකයේ වටිනාම වෙළද භාණ්ඩය වීඇත. උපදේශක සේවාව ලෝකයේ වැඩිම ලාභ ලබන ව්‍යාපාරය බවට පත්ව ඇත. ලෝකයේ ප්‍රමුඛ පෙලේ පාලකයන් සියල්ලන් උපදේශක සේවා සමාගම් මත යැපෙන තත්වයට පත්ව ඇත. ලංකාවේ ගෝඨාණ්ඩුවද විදේශීය උපදේශන සේවා සමගමක පදයට නටන රජයකි.


නෙස්ලේ, යුනිලීවර් වැනි සමාගම් පාරිභෝගික භාණ්ඩ ඒකාධිකාර්යක් දරන්නේ යම් සේද යටකී උපදේශන සමාගම් සතුවද ලෝක ඒකාධිකාර්යක් පවතියි. උදාහරණයක් ලෙස ලංකාවේ ගෝඨාණ්ඩුවට සහ ඉන්දියාවේ මෝදි ආණ්ඩුවට උපදේශන සපයන්නේ එක් බහුජාතික සමාගමකි.

ජාත්‍යන්තරයේ සිට බිම් මට්ට්මේ ක්‍රියාන්විත දක්වා සැළසුම් කරන්නේ යටකී උපදේශන සමාගම්ය. ජනතා සුභසාදනයේ සිට දඩයම් පිහි මුවහත් කිරීම දක්වා උපදෙස් එම සැලසුම් වල අඩංගුය. එමෙන්ම ඔවුන්ගේ ගාස්තුව පොඩි නැත. එය හිතාගත නොහැකි තරමේ මිලකි.

බැසිල්, දිළිත් ජයවීර , සුරේෂ් සැලේ තින්ක් ටෑන්ක් නොවේ. ඔවුන් හුදෙක් දේශපාලන කම්කරුවන් පමනි. මොවුන් උපදේශන සමාගම ලබා දෙන සැලසුම් ක්‍රියාත්මක කරන ඉදිරිපෙල සාමාජිකයන් වෙයි. ගෝඨා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අසහාය විචක්ෂණ බුද්ධියකින් හෙබි අයෙක් වෙනුවට සුරේෂ් සැලේ වැනී හීලෑ සත්වයෙක් පත් කළේ මේ නිසාය.

ගෝඨාණ්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාකාරින් සහ මාධ්‍ය වේදීන් සිය ගණනකගේ ජීවිත මේ වන විට හැක් කොට අවසානය. අප එසේ පවසන්නේ කුප්‍රකට සුරේෂ් සැලේගේ ක්‍රියාකාරකම් දෙස බලා නොවේ. නමුත් ගෝඨාණ්ඩුවට උපදෙස් සපයන නීලකාස සමාගමේ පැටිකිරිය පිළිබද මනා අවබෝධයකිනි.

ගෝඨාණ්ඩුව විසින් මාධ්‍යවේදීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් භෞතිකව ඝාතණය නොකළද සමස්ත වපසරිය ගුප්ත ආකාරයේ ග්‍රහණයකට ලක් කොට ඇත. බත් කන ඕනෑම අයෙකුට එය තේරුම් ගැනීම අපහසු නැත.

  1. ආණ්ඩුවට එරෙහි සමාජ ජාලා ක්‍රියාකාරකම් කිසිදා නොවූ විරූ ලෙස වාරණය කොට ඇත.
  2. ගෝඨාණ්ඩුවට එරෙහි මතවාද නිෂ්පාදනය කරන කම්හල වූ ලංකා ඊ නිවුස් අඩපන කොට ඇත.
  3. සුළුජාතික බලවේග සහ විපක්ෂ දේශපාලන කඳවුර අනාථ කොට ඇත
  4. ජනමාධ්‍යවේදීන් සිය ගණනකගේ ජීවිත හැක් කොට ඇත.
  5. විපක්ෂ නායකයා සහ විකල්ප නායකයන් ප්‍රාණ ඇපකකරුවන් බවට පත් කොට ඇත

කරුණු එසේ හෙයින් සුදු වෑන් නොතිබුනද පවතින දේශපාලන වාතාවරණයේ භයානකකම දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් වටහා ගත යුතුය. BBC මාධ්‍යවේදි ආර්. අරුන් ප්‍රසාත්ට අපට කිව හැක්කේ මෙපනකි. ව්‍යාපාරික පැලැන්තියක් සහ මුදල් විසින් මෙහෙයවන ලෝකයේ පාලකයන් යනු ඉත්තන් පිරිසකි , නීතිය සහ සාමය යනු හුදු වචන මාත්‍ර පමණි. ඔබ දේශපාලන ක්‍රියාධරයෙකු හෝ මධ්‍යවේදියෙකු නම් ඕනෑම මොහොතක කපා දැමිය හැක

විශේෂ ලියුම්කරුවෙකු විසිනි