වැටත් නියරත් ගොයම් කන රටේ විමර්ශන කමි‍ටු පි‍ටුපස කථාව

වැටත් නියරත් ගොයම් කන රටේ විමර්ශන කමි‍ටු පි‍ටුපස කථාව alaina 1 640x353 2

පාස්කු ප්‍රහාරය  විමර්ශණය කිරීමට  පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමත් සමග සිරිසේන කුපිතව ඇති බව දැන් රහසක් නොවේ. පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර එය  සිරිසේන දැන සිටි බව සක්සුදක්සේ තහවුරු වී ඇත. නමුත් සිරිසේන හිතාමතා මේ විනාශය සිදුවීමට ඉඩ හැරියා යයි සිතීම තාර්කික නැත. සිරිසේන මෙවැනි වලක වැ‍ටුනේ ඔහුට උපදෙස් දුන් මුග්ධ බුද්ධි අංශ නිලධාරියාගේ වරදිනි.

බල්ලන් සමග නිදාගත හොත් මැක්කන් සමග නැගිටීමට සිදුවනවා යයි කීවේ කට කහනවාට නොවේ. සිරිසේන තම දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ අමනෝඥ බුද්ධි නිලධාරීන් සමගය. අවසානයේ මුග්ධ බුද්ධි අංශ ප්‍රධානියා සිරිසේනගේ තනතුර හයිජැක් කලා පමනක් නොව රටේ ජනපති ඔහුගේ ප්‍රාණ ඇප කරුවෙකු බවට පත් කර ගත්තේය. නමුත් සිරිසේනට  සිදුවූ දෑ පිළිබදව පාපොච්චාරණයක් කල නොහැක , එය ඔහුගේ දේශපාලන ශරීරයට ගිණි තබා ගැනීමකි.

‘‘අන්න සතා, මෙන්න පොල්ල , මං සිල් ගත්තා’’

පාස්කු ප්‍රහාරය පිලිබදව ගෝටාබය , බැසිල්, මහින්ද නඩය සිටින්නේ ‘‘අන්න සතා, මෙන්න පොල්ල , මං සිල් ගත්තා’’ ලීලාවෙනි. සබැවින්ම ලංකාවේ අයි .එස් ත්‍රස්තවාදයේ බීජ රෝපණය කලේ ගෝටාබයයි. බැසිල් මහින්ද ඩබල  හිස්බුල්ලා සහ බදුර්දීන් හරහා අන්තවාදයට මුදල් සම්පාදනය කළෝය. ගෝටාබය  බුද්ධි අංශයේ ගිණුමට දමා සහ්රාන් ඇතුලු 26දෙනෙකුට  වැ‍ටුප් ගෙවා ඇති බව සාක්ෂි සහිතව හෙලි වී ඇත.

සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ දැඩි විරෝධය නොතකා  තව්හීද් ජමාත් අන්තවාදීන් පෝෂණය කළේ රාජපක්ෂලාය. ගෝටාබය දැන හෝ නොදැන මෙහෙයවූ අලුත්ගම ප්‍රහාරය  මුස්ලිම් ‘අන්තවාදීන්’  ‘ත්‍රස්තවාදීන්’ බවට පත් කලේය. ගෝටාබය – සිරිසේන හවුලේ මෙහෙයවූ මහනුවර ප්‍රහාරය මුස්ලිම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බවට පත් කළේය. රනිල්ගේ නපුංසක ආන්ඩුව  සිදුවීමට යන විනාශය  දෙස ඔහේ බලා සිටියේය .

පාස්කු ප්‍රහාරය පිළිබදව මහින්ද පැනවූ පරීක්ෂණ කමි‍ටුව සහ අරුම පුදුම වාර්තාව

පාස්කු ප්‍රහාරය පිළිබදව විශේෂ වාර්තාවක් පළමුවෙන්ම කැදවූයේ මහින්ද රාජපක්ෂය. මහින්දගේ කමි‍ටුවේ සාමාජිකයන් වූයේ හිටපු පොලිස්පතියෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු, කරන්නාගොඩ, රෝෂාන් ගුණතිලක වැනි මරාවාදී වහලුන් පිරිසකි. ඔවුන්ගේ වාර්තාව අරුම පුදුම එකකි. එම වාර්තාව අනුව කිසිවෙකු වගකීම පැහැර හැර නැත. එම වාර්තාවේ වූ නිර්දේශද ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඒවාය.

එම නිර්දේශයන්ගෙන් අවධාරණය කර තිබුනේ බුද්ධි අංශයේ වැ‍ටුප් ලබූ කිසිවෙකු හෙළිදරව් නොකල යුතු බවය. එනම් ගෝටාබය පඩි ගෙවූ සහරාන් ඇතුලු 26 දෙනාගේ ලැයිස්තුව හෙළිදරව් නොකල යුතු බවය. එම කමි‍ටුවේ වාර්තාව මහින්දට බාර දෙන අවස්ථාවට ගෝටාබයද සහභාගි විය . එහිදී මධ්‍ය ඇමතූ ගෝටාබය බුද්ධි අංශ සාමජිකයන් හෙලිදරව් නොකල යුතුබව   යලි යලිත් කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබදව සිරිසේන පැනවූ පරීක්ෂණ කමි‍ටුව සහ පූජිතට අල්ලස් දීමට තැත් කිරීම

ප්‍රහාරය පිලිබදව විමර්ශනය කරන තේරීම් කාරක සභාව අල කිරීමට අවශ්‍යව ඇත්තේ සිරිසේනට පමනක් නොවන බව දැන් පැහැදිලිය. සිරිසේනට වඩා මෙම කමි‍ටුව විසුරුවා හැරීම අවශ්‍යව ඇත්තේ රාජපක්ෂලාටය.

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශණය කිරීමට සිරිසේනද කමි‍ටුවක් පත් කළේය . එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ගෙන් සමන්විත විය. ඉලංගකෝන් යනු මෙම නඩුවේ චූදිතයෙකි.මක්නිසාදයත්  අසාත් සාලි ඇතුලු මුස්ලිම් ජනයා සහරාන් ගැන චෝදනා ගොනු කරන විට ඉලංගකෝන්   කිසිවක් නොකර සිටි එක් පොලිස් පතියෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ   විමර්ශන වාර්තාව ජූනි 1දා සිරිසේන අතට පත් විය. සිරිසේන එම වාර්තාව බලා පොලිස්පති පූජිත සමග ඩීල් එකක් දැමීමට ගියේය .වරද පිලිගෙන පූජිත  ඉල්ලා අස්වන්නේ නම් තානාපති ඔහුට ධූරයක් පිරිනැමීමට සිරිසේන එකග විය.

පාර්ලීමේන්තු තේරීම කාරක සභාව නිහඩ මරණයකට ලක් කිරීම සහ අළු ධූලි මතින් දේශපාලන ගේම් ගැසීම

පාස්කු ප්‍රහාරය පිලිබදව මහින්ද සහ සිරිසේන නිෂ්පාදන කල පරීක්ෂණ වාර්තා වල අරමුණ වූයේ තම ඇඟ බේරාගැනීම මිස සත්‍ය හෙලි කිරීම නොවේ. නමුත් පාර්ලීමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඇත්ත ඇති සැටියෙන් හෙළි වන බව නොරහසකි. කරුණු එසේ හෙයින් සත්‍ය වසන් කිරීමට කුමන්ත්‍රණය කරන්නේ සිරිසේන පමනක් නොවේ ඒ පි‍ටුපස රාජපක්ෂලාද සිටින්නෝය.

තවද තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි කතානායකකුමාගෙන් ඉල්ලා සිටියේ රනිල් නොවේ. එය පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ නායකයන් ‍රැස් වී සාමුහිකව ගත් තීන්දුවකි.  එහෙයින්  මෙකී මරා-සිරා  කුමන්ත්‍රණය රාජ්‍යට පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනසම්මතවාදයටද එරෙහි වූවකි. මුලින් කැබිනට් ‍රැස්වීම් නොපවත්වන්නේ යැයි තර්ජනය කල සිරිසේන දැන් පාර්ලීමේන්තු සැසිවාරය කල් තැබීමට සූදානම් වන්නේය.

පාර්ලීමේන්තු සැසිවාරය කල් දමා පාස්කු ප්‍රහාර තේරීම් කාරක සභාව නිහඩ මරණයකට ලක් කිරීම මරා- සිරාගේ අරමුණ බව පැහැදිලිය. තවද රට අරාජික තත්වයක් කරා ‍රැගෙන ගොස් එහි අළු ධූලි මත පාර්ලීමේන්තු මැතිවරණයක්  වෙත යාම මොවුන්ගේ ‘ප්ලෑන් බී’ නොහොත් ව්‍යාතිරේඛ සැලසුමය

By තුෂාරා  වන්නිආරච්චි

Editor – Lanka news app.com