සජිත් 2025ට පෙර සිපිරිගෙට – විමල්ගේ වෙබ් අඩවියෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

2015 -2018 කාලයේ සිදුවූ වංචා විමර්ශනණය සදහා කොමිසමක් පත් කළේ සිරිසේන ජනාධිපති ලෙස සිටියදීය.   වාර්තාව සකසා අවසන් වන විට ජනපති පු‍ටුව ගෝඨාභයට මාරු වී තිබුණි. මේ වන විට අදාල වංචා දූෂණ වාර්තාව පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.එම  වාර්තාවෙන් සජිත් ප්‍රේමදාසට බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති බව විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන ලංකා ලීඩ් වෙබ් අඩවිය සදහන් කරයි.


සජිත්ට එල්ල වී ඇති චෝදනා කෙතරම් බරපතලද යත්  ”විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  ඊළඟ ජනාධිපතිවරණයට පෙර සිපිරිගෙට” යන ශීර්ෂය යටතේ හෙළිදරව්වක් කොට ඇත.නිවාස සංවර්ධන අධිකාරිය  සමරු ඵලක සඳහා රුපියල් මිලියන 460ක් වියදම් කර ඇති බවත් එම මහාපරිමාන වංචාවට එරෙහිව  එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතු බවට  ජනාධිපති කොමිසම නිර්දේශ කොට ඇති බව විමල්ගේ වෙබ් අඩවිය සදහන් කරයි. 

පහත දිගුවෙන් විමල්ගේ වෙබ් අඩවියේ පලවූ පුවත කියවිය හැක

https://www.lankaleadnews.com/?p=90652