චීත්ත අඳින රිලවෙක් ගැන හෝඩුවාවක් මෙන්න !

වැදගත් නමුත් පාර්ලීමේන්තුවේ  කථා නොකරන මතෘකා කිහිපයක් ඇත. මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම්  ඒ අතර එක් මාතෘකාවකි. එනමුත් පසුගිය සතියේ පාර්ලීමේන්තු  මන්ත්‍රීන්ගේ අධ්‍යාපන  සුදුසුකම් පිළිබද  යලි කතා බහක් ඇති වුණි. ඊට මූලික වූයේ හරින් ප්‍රනාන්දු පාර්ලීමේන්තුවේ කී කථාවකි.

පෙර කී පරිදිම මෙය බෝහෝ දෙනෙකු කථා කිරීමට අකමැති මාතෘකාවක් වන හෙයින් හරීන්ගේ ප්‍රශ්න කිරීම ඔහුටම ආපසු කැරකෙන සෙයක් දිස් විය. අධ්‍යාපන සුදුසුකම් පිළිබදව මැතිසබයේ වාද කිරීම අනවශ්‍ය බව සජිත්ගේ කන්ඩායමේ පොදු මතය විය.  

තත්වය එසේ තිබියදී  සජබ පිලේ ප්‍රභලයෙකු ඇතුළුව තවත් මන්ත්‍රීවරු පිරිසක් සජිත් හමුවී හරින් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපය විවේචනය කළේය. අධ්‍යාපන සුදුසුකම් ගැන මතු කළ  ප්‍රශ්නය  හරීන්ගේ පිටේ තියා කැපුවේය .  සජිත් ප්‍රේමදාසද ඔවුන්ගේ මතය අනුමත කරන ස්වරූපයක්  පෙන්වූ අතර අදාල පිරිස ඉදිරිපත් කළ කරුනු නිසි කටයුතු සදහා සටහන් කරගත් බවද කීවේය. 

එම හමුවෙන් දින 3 කට පසු හරීන් ප්‍රනාන්දුගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරන ලිපියක් අරුණ පුවත්පතේ පලවිය.  එම ලිපිය සත්‍ය සිදුවීම යටපත් වන අයුරුන් ලියා තිබුණි. 

අරුණ පුවත්පතේ ලිපිය පටන්ගෙන තිබුනේ මෙසේය. උපුටා ගැනීම… ”මේ දිනවල හරින්ගේ නම කරලියට ආවේ ‘හරින් ඕලෙවල් ෆේල්’ යන කතාව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම නිසාය. ඊට පසුබිම් වූ කතාව මෙසේය. ඉකුත් විසි තුන්වැනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී හරින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ‘ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ ඕලෙවල් පාස් උන් කවුද, ඕලෙවල් ෆේල් උන් කවුද කියලා කියන්න”…. උපුටා ගැනීම අවසන්.

නමුත් සැබැවින්ම  ” ඕලෙවල් ” පිලිබද කථාව නැගුවේ හරීන් නොව  අගරදගුරුතුමාය.පාස්කු කොමිෂන් වාර්තාව අධ්‍යනය කිරිමට ගෝඨා පත්කළ විද්වත්  කොමිටියේ සාමාජිකයන් ඕලෙවල් වත් පාස් නැතැයි කීවේ අගරදගුරු තුමාය .

පාස්කු ප්‍රහාරයෙන්  වසර 2ක් ගත වූවද වින්දියන්ට කිසිදු සාධාරණයක් ඉ‍ටු වී නැත . එමෙන්ම හරීන් බෝමබ පිපිරුණ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන අයෙකි. තවද වත්මන් ආන්ඩුව ඒ පිලිබදව හෑල්ලුවෙන් කටයුතු කරන විට  කතොලිකයෙකු ලෙස  හඬක් නැගීම අත්හල නොහැකි වගකීමකි. එපමනක් නොව හරීන් කළේ අග රදගුරුවරයා විමසූ කරුන මැතිසභයට ‍රැගෙන යාමය. කේලාම් කියන ජේෂ්ඨයා (චීත්තයා) කියන පරිදි ඒ සදහා පක්ෂයේ අනුමැතිය අවශ්‍ය නැත.

දෙරණ අරුණ පුවත්පත හරීන්ට එරෙහිව  ද්වේශ සහගත අයුරුන් ලියූ ලිපිය පහත දිගුවෙන් කියවිය හැකිය  .නමුත් නමුත් අරුණ ලිපියට වඩා ඛේදජනක සිදුවීමක් ඇත. දෙරණ ලියු මඩ ලිපිය ඔසවාගෙන යන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන යටකී ජේෂ්ඨයාගේ ගෝලයන්ය. එම කණ්ඩායමේ පිරිසක් අපටද කථා කළ අතර මේ සටහන ලියුවේ එනයිනි.