කළු ඉරිදා විපක්ෂ නායකයාගේ හැසිරීම ගැන සජබ මන්ත්‍රීන් පංච නින්දාවෙන් බැන වදියි

ගෝඨාභය රාජපක්ෂට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා දෙකක් එල්ල වී ඇත. එනම්

  1. පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු ගෝඨාභය බව
  2. පාස්කු ප්‍රහාරය එල්ල කළා යයි සැක කළ අයි. එස් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට උදව් කළ අයට දඩුවම් පමුණුවන බව කියා බලයට පැමිණියද කිසිවක් කිරීමට අපොහොසත් වීම

වසර දෙකකට ආසන්න කාලයක් ගතවුනද වින්දියන්ට සාධාරණත්වයක් ඉ‍ටු නොවීම ගැන කලකිරුණු අගරදගුරුහිමියන් ඊයේ දිනය කළු ඉරිදාවක් ලෙස නම් කළේය.ඒ අනුව ඊයේ බොහෝ කිතුනුවන් කළු වතින් සැරසී දේවස්ථාන තුල යාතිකා කරන අයුරු දැකිය හැකි විය . සජබ පාර්ලීමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙකුද ඒ අතර විය.

කළු ඉරිදාට පෙර දිනයේ සජබ පාර්ලීමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ බවත් එහි අරමුන ආණ්ඩු බලය ලබා ගැනිමේ බව ඔහු කීවේය.

අගරදගුරු ප්‍රකාශයට පත් කළ කළු ඉරිදා විරෝධතාවයට ජවිපෙද සහාය දුන්නේය. විරෝධතාවයට කිතුනු පියතුමන්ලා පමනක් නොව භික්ෂූන්වහන්සේලා සහ සහ මුස්ලිම් ආගමික නායකයන්ද සහභාගී විය.

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කළු ඉරිදා නිහඬ විරෝධයට එක් වූ අගරදගුරු “අපි කාටවත් බය නෑ ” ලෙස ප්‍රකාශ කරමින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. සැබැවින්ම කළු ඉරිදා විරෝධතාවය නිසා ආණ්ඩූව සසල විය . එය ගෝඨා ගිරිබාවේදී කළ කථාවෙන් මනාව පැහැදිළි විය.

නමුත් සජිත් කළු ඉරිදා දිනයේ ලොවෙන් නැති ලොවි ගහෙත් නැති වැඩක් කළේය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම තමා බාරගන්නා බව සජිත් කීවේය. එපමනක් නොව ජනතාව කුපිත කරන වැඩ නොකළ යුතු යයිද කීවේය.

කළු ඉරිදා සජිත්ගේ කළ කථාව ගැන සජබ තරුණ පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් අප විමසීමක් කළෙමු. සජිත්ට පංච නින්දාවෙන් බැන වැදුන ඔහු ICCPR යටතේ අත් අඩංගුවට පත්වීම් මීට වඩා නම්බුකාර බව ඔහු කීවේය.

” කළු ඉරිදා විරෝධතාවයට ආණ්ඩුව බය වෙලා ඉන්නව, විරෝධතාවය හිතුවට වඩා සාර්තක වෙනව… ඒ අතර විපක්ෂ නායක සජිත් සියල්ල කනපිට ගහන කථාවක් කරනව… සජිත් කථාව කළ සැනින් ඒක දෙරණ රුපවාහිණියෙ පෙන්වනවා… අපි හිතුවෙ රනිල් විතරයි ඩීල් කරන්නෙ කියලා”, ඔහු වැඩි දුරටත් පැවසුවේය

සැ :යු අශෝක අබේසිංහ අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මේ වන විට පොහොට්‍ටු මන්ත්‍රීන් පිරිසක් CID වෙත පැමිණිළි කොට ඇත