සජිත් කළ කථාව වැරදියි – බැරිම තැන කිරිඇල්ල සජිත්ගේ රෙද්ද කඩයි

පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල ජනයා තුල ඇතිවූ අනාරක්ෂිත බව ගෝඨාගේ ජයග්‍රහණයේ රහස විය . ( එය ගෝඨාගේම ගෝනි සෙල්ලමක් වීම වෙනම කථාවකි )

ගෝඨා බලයට ආවේ පාස්කු ප්‍රහාරකයන්ට දඩුවම් පමුණුවනවා කියමිනි. නමුත් කිසිවෙකුටවත් මේ දක්වා දඩුවම් පමුනුවා නැත. එවැන්නක් පෙනෙන්නටද නැත.

ගෝඨා මහා ‍රැවටීමක් කළ බව බත් කන ඕනෑම අයෙකුට තේරෙන දෙයකි.ඊයේ දිනයේ අගරදගුරුතුමාගේ මූලිකත්වයෙන් ;කළු ඉරිදා’ විරෝධතාව පැවැත්වූයේ ගෝඨාභයගේ සාහසික ‍රැවටීමට එරෙහිවය.

කළු ඉරිදා විරෝධතාවයෙන් ගෝඨා බෙල්ලටම හිර වුනේය. නමුත් සිදුවූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව සජිත් කීවේය.

මේ වන විට සජිත්ගේ ප්‍රකාශය සාතිශීය බහුතරකගේ විරෝධයට පාත්‍ර වී ඇත. මුළු සජබ පිලම සජිත්ගේ ගොන් කථා වලින් හෙම්බත් වී ඇත.

අද උදේ වරුවේ අප සමග සම්බන්ධ වූ පක්ෂයේ නවක මන්ත්‍රීවරයෙකු සජිත්ට පංච නින්දාවෙන් බැන වැදුනි. අද සවස් භාගය වන විට පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් වූ කිරිඇල්ලද සජිත්ගේ ක්‍රියා කලාපය වැරදි බව ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට තිබුනේ සාමූහික ආණ්ඩුවකි . පාස්කු ප්‍රහාරයේ වගකීම තමා භාර ගන්නා බවට සජිත් කළ ප්‍රකාශය ඔහුගේ තනි මතයට කළ හරසුන් එකක් බව කිරිඇල්ල කීවේය .

සජිත් වගකීම භාර ගැනීමට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශවයක් දැනුවත් නොකළ බවද ඔහු කීවේය.

සජිත් කළ කථාවෙන් බෙල්ලටම හිර වූ ගෝඨාණ්ඩුවට ඔක්සිජන් ලැබුනි. සජිත් ඩීල් කාරයෙක් බව ඔප්පු වී ඇත

ඊටත් වඩා වැදගත් කථාවක් කීමට ඇත. මීට දින කිහිපයකට පෙර ” තමා බලයට පැමිනි පසු පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට මරණ දඩුවම දෙන බව කීවේය.

නමුත් පාස්කු ප්‍රහාරයේ වගකීම තමා බාර ගන්නා බව ඊයේ කීවේය. එසේනම දැන් මරණ දඩුවම දිය යුත්තේ සජිත්ට නොවේද ?