බෝමබ ඊබ්‍රහීම් පුතාගේ අල්ලස් කථාව මාධ්‍ය සංදර්ශනයක්ද ?

බෝමබ ඊබ්‍රහීම්ගේ පුත්‍රයා වන ඉජාස් අහ්මඩ් නැමති අයට සැප සැදීමට අල්ලස් දීමට ගිය ජේලර් වරයෙකුගේ වැඩ තහනම් කළ බව අද දින සියළුම මාධ්‍ය පාහේ වාර්තා කොට ඇත.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙදීය. මේ බව හෙළිකරන ලද්දේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක විසිනි

සිනමන් ග්‍රැන්ඩ් සහ ශ්‍රැන්ග්‍රීලා හෝටලයට බෝමබ ප්‍රහාර එල්ල කරන ලද්දේ ඉජාස් අහ්මඩ්ගේ අනෙක් සොහොයුරන් දෙදෙනාය.

නමුත් ජෙලර්වරයා මෙම චෝදනාව සම්පුරණයෙන් ප්‍රතික්ශේෂ කොට ඇත. බෝම්බ ඊබ්‍රහීම් සමග ගනුදෙණු කළේ නම් ඔහු මෙවන විට අත්අඩංගුවට ගත යුතු බවද නමුත් එවැන්නක් මේ දක්වා සිදුව නැති බව ඔහු ප්‍රකාශ කරයි. මෙය හුදෙක් මාධ්‍ය සංද්ර්ශනයක් පමනක් බව ඔහු ප්‍රකාශ කරයි

බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙය මත්ද්‍රව්‍ය සම්බන්ධව රිමාන්ඩ් කොට ඇති මුස්ලිම් සැකකරුවෙකුට ජංගම දුරකථනයක් ලබා දීම සම්බන්ධ සිදු වීමක් බවය

පාස්කු ප්‍රහාරය විකුණා බලයට පැමිණි ගෝඨාණ්ඩුව මේ වන විට ජනතාවගේ බලවත් පිලිකුලට පත්ව ඇති අතර ඉන් මිදීමට කූට ප්‍රයෝග යොදමින් සිටියි.

රාජපක්ෂ පවුලේ අතිජාති ගොට්ටෙක් වන ලංකාදීප කතෘ සිරි රණසිංහ, ගෝඨාණ්ඩුව පාස්කු ප්‍රහාරය පිලිබදව ඉතා විශිෂ්ඨ ලෙස විමර්ෂණ කටයුතු සිදුකරන බව පෙන්නුම් කරන ලිපි මාලාවක් ලියමින් සිටියි

අද දින ගෝඨාණ්ඩුවට ගැති මාධ්‍ය බුද්ධි අංශ වල අනුග්‍රහයෙන් ඉන්දියාවට පැන ගිය සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍රන් ලංකාවේ සිටින බවට අතේ රෝලක් ද ලියා තිබුණි