විමල් බරපතල කුමන්ත්‍රණයක, මන්ත්‍රීන් 43ක් අගමැතිට පැමිණිලි කරති, හඬ පටි සාක්ෂිද ඉදිරිපත් කරති!

විමල් වීරවංශ රටේ නායකයා වීමේ අරමුණින් රහසිගතව සංවිධානය වන බව මීට දින කිහිපයකට පෙර අප හෙළිදරව් කළෙමු. නමුත් එය පිළිගැනීමට බොහෝ දෙනෙක් මැලි වූවාට සැක නැත.

කෙසේ වුවද අප පල කළ පුවත සත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත. පෙරේදා ආණ්ඩුවේ මන්ත්‍රීන් 43 දෙනෙකු විමල් වීරවංශගේ කුමන්ත්‍රණය ගැන අගමැතිට පැමිණිලි කොට ඇත . එය අද දින ප්‍රධාන ධාරාවේ පුවත් පත් සහ වෙබ් අඩවි ගණනාවක පල වී ඇත.

විමල්ගේ රංඟනය හෙළිදරව් කිරීමට අවැසි හඩපටි පවා ඔවුන් ඉදිරිපත් කොට ඇත. අනාගත රාජ්‍ය නායකයා වීමේ අරමුණින් විමල් දියත් කර ඇති සැලසුම ප්‍රහසනයක් බඳුය. මෙය ඒ පිළිබදව කරන විවරණයකි

මතු බුදුවන නාථ දෙවියන්ට ලංකාව බේරා ගැනීමට සැලසුමක් ඇත. විමල් 2030 රටේ නායකයා වන්නේ ඔහුගේ කැමැත්තට නොව නාථ දෙවියන්ගේ කැමැත්ත අනුවය.

නාථ දෙවියන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පුද්ගලයන් සමහරෙක් මේ වන විට ‍තෝරාගෙන ඇත. ‍තෝරා ගත් නරයන් පිරිස ලිච්ඡවින් මෙන් නිතර ‍රැස් විය යුතුය. කිසිවෙකුට එය නැවැත්විය නොහැක, මක්නිසාදයත් එය දේව කැමැත්තය

දේව මණ්ඩලයට දැනට තෝරාගෙන ඇති නරයන් මෙසේය. විමල් – ජනපති . මහාචාර්ය චන්න ජයසුමන-අගමැති. අනුරුද්ධ පාදෙනිය- අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංස්කෘතික ඇමති . ගම්මන්පිළ- විදේශ ඇමති .වයස නිසා බොරළුගොඩ පින් පියාට ලැබෙන තනතුර ෂුවර් නැත. නලින් සිල්වා-මියයන තෙක් පුරෝහිත.

නාථ දෙවියන් ඇරයුම් යවා තිබුනද නරයන් මෙතෙක් බාර නොගත් තනතුරුද ඇත. ආරක්ෂක ඇමති ශවේන්ද්‍ර සිල්වා මේ වන තෙක් දේව මණ්ඩලයේ ධූරය බාරගෙන නැත. දේව අභිමතය පරිදි සමස්ථ ඇමති මණ්ඩලය එකුන් විස්සකි (19 කි ).

තවද ඉදිරි අනාගතයේදී රාජපක්ෂලා නාථ දෙවියන්ගේ උදහසට ලක්වීමට නියමිතය. ඉඳුරගාරේ, මුරුත්තෙට්‍ටුවේ, ඇල්ලේ , ඕමල්පේ වැනි සාදුලා පිරිසක් රාජපක්ෂලා එරෙහි නඩු වග විභාග කිරීමට පත් කොට ඇත. මේ ආණ්ඩුවට දේව සාපයක් වැදී ඇතැයි මුරුත්තෙට්‍ටුව් හිමි කියන්නේ නිකන් නොවේ.

මෝර්ය රාජවංශය අවසන් කළ ලම්බකරණ කුමන්ත්‍රණය ඉතිහාසයේ සිදුවූ අතිශූක්ෂම කුමන්ත්‍රණය විය. මෝර්යන් අනුරාධපුර යුගයේ සිටි මහේශාඛ්‍ය රාජ වංශිකයන් විය. දු‍ටුගැමුණු , වලගම්බා වැනි රණකාමීන් මෝර්ය රාජ වංශයට අයත් විය.

නමුත් කුමන්ත්‍රණයකින් මෝර්යන් පරාජය කොට ලම්බකර්ණයන් බලය අල්ලා ගත්හ. මෝර්යන් පරාජය කිරීමට ලම්බකර්නයන් යොදා ගත්තේ ”සුභ” නම් දොර‍ටු පාලයෙකි. කරුනු එසේ හෙයින් රාජපක්ෂලා විමල් අතින් වුවද සල්ලං විය හැක.

සුභ නම් දොර‍ටුපාලයා මෙහෙය වූයේ ලම්බකරණ වසභය. දැන් වැදගත්ම ප්‍රශ්නයට පැමිණ ඇත.විමල්ගේ පිහිටින් රජ වන ලම්බකරණයා කවුද ? එය හෙළිදරව් කොට සැලසුම් අල කිරීමට අපට අවශ්‍ය නැත . මක්නිසාදයත් ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කරමින් රට සුඛිත මුදිත කළේ රණකාමී මෝර්යන් නොව කර්මාන්ත වල සහ ඉංජිනේරු ශිල්පයේ කෙළ පැමිණි ලම්බකර්ණයන්ය