පෑලියගොඩ වෙළඳ සංකීර්ණය විවෘත්ත කරමින් බැසිල් ජනපති සටනට, නන්දසීනි කකුලෙන් අදියි !

නවීකරණය කළ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු විය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති, අගමැති, ධීවර ඇමති. කර්මාන්ත ඇමති නොවේ. වෙළද සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත්ත කළේ බැසිල් රාජපක්ෂය.

මෙම උත්සවයට කර්මාන්ත ඇමති විමල්ට ඇරයුම් කළේද නැත. ධීවර ඇමති උඩ බලාගෙන සිටියදී සමරුපලකය විවෘත්ත කළේ බැසිල් විසිනි. මෙය සෙමින් නමුත් නිසැකවම බැසිල් ඊලග ජනාධිපතිවරණට පිවිසෙන බවට කළ බරපතල ප්‍රකාශයකි.

වැසිකිළියක් විවෘත්ත කළද මහා සවර්ධන ව්‍යාපෘතියක් ලෙස පෙන්වන ගෝඨා හිතවාදී මාධ්‍ය බැසිල්ගේ උත්සවය නොපෙන්වීම විශේෂ සිදුවීමක් විය. බැසිල්ගේ විවෘත්ත කිරීමට නිසි සැලකිල්ල ලබා දුන්නේ ඔහුගේ මුහුණු පොත සහ ගුවන්විදුලියේ ස්වදේශීය සේවය පමණි.

ඊලග ජනාධිපතිවරණය අරඹයා බැසිල් තුන්කල් නුවණින් වැඩ කරන බව මොනවට පැහැදිළි වී ඇත. ”ගම සමග පිළිසදර” බැසිල්ගේ සංකල්පයකි. නමුත් නමුත් දැන් එය කරේ තියාගෙන දුවන්නේ නන්දසීනිය . සැබැවින්ම ග.ස.පි බැසිල් විසින් නන්දසීනිට දුන් ලණුවකි.අප එසේ කියන්නේ කට කහනවාට නොවේ .

ගෝඨාගේ පදනම මධ්‍යම පාන්තිකයන්ය. ඔවුන්ගේ ප්‍රමුඛ අභිලාශ පහත පරිදි විය (නන්දසීනිගෙන් බලාපොරොත්තු වූ දෑ)

  1. නීතියේ පාලනය ස්ථාපිත වනු දැකීම
  2. නවීන ලෝකය සමග මුසු වූ පැහැබර හෙටක් (ලංකාව සිංගප්පුරුවක් වනු දැකීම)
  3. තිරසර සංවර්ධනයක්

නමුත් ඇත්තෙන්ම ‘ගම සමග පිළිසදරේදී සිදු වන්නේ කුමක්ද විමසා බලමු ( බැසිල්ගේ ලණුව ගිලපු නන්දසේනට අත්වන ප්‍රතිවිපාක)

  1. පවතින නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීම , මාධ්‍ය සංදර්ශන පැවැත් විම ( මේවා මධ්‍යමපාන්තිකයන් ඉල්ලු දේ නොවේ )
  2. 70 වසරක් පුරා ජරා ජීර්ණ වූ රට ගොඩගැනීමට සැලසුම් අවශ්‍යය , ප්‍රතිපත්ති අවශ්‍යය, ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යය, අධීක්ෂණය අවශ්‍යය.එය ජනාධිපතිවරයාගේ මුඛ්‍ය කාර්ය වෙයි. නමුත් ගම සමග කයිය නමින් නන්දසේන කරන්නේ හරසුන් විගඩමකි.
  3. රටේ සම්පත් මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරමින් සිදු කරන සංවර්ධනය තිරසර සංවර්ධනය නමින් හදුන්වයි. නමුත් නන්දසේන ජාවාරම්කරුවන් පිරිසක් සමග එක්ව පරිසරය විනාශ කරමින් සිදු කරන්නේ සංවර්ධනයක් නොව සාහසික අපරාධයකි

දේශප්‍රේමය දවසේ ආදායම බවට පත්කරගත් උන් එදා සිටම බැසිල් සමග උරණය. විමල් , ගම්මන්පිල , ඥානසාර , නලින්ද සිල්වා, ශ්‍රිලනිප ඒ අතර ප්‍රධානය. එම නිසා විමල් , ගම්මන්පිල වැනි ඊනියා දේශප්‍රේමීන් එලවා දමා එම රික්තය සුළු ජාතීන්ගේ චන්ද වලින් පුරවා ගැනීමට බැසිල් සැලසුම් කොට ඇත. ඒ වෙනුවෙන් බැසිල් කර ඇති මෙහෙයුම් කිහිපයක් විමසා බලමු

  1. බොදු බල සේනා නම් ජාතිවාදී කල්ලිය තහනම් කිරීමට යෝජනා කිරීම
  2. විමලේ , ගම්මන්පිල, නලින් සිල්වා, නාථ දේව කල්ලියට රෙද්දේ රෙවෙන්ඩ පහර දීම
  3. රිෂාඩ් හකීම් ඇතුළු මුස්ලිම් නායකයන් සමග නව ගමනක් ඇරඹීම, ශ්‍රි ලංකා BJP නමින් අළුත් දෙමළ දේශපාලන පක්ෂයක් ගෙන ඒම
  4. සිරිසේනගේ කල්ලියට පල කියමින් පලා බෙදිම

විමල් සහ ගම්මන්පිල බැසිල්ට එරෙහිව විකල්ප සංධානයක් ගොඩ නැගීමට සිරිසේන සහ සජිත් සමග සාකච්ඡා ආරම්භ කොට ඇත. නිවට නන්දසේන විවිධාකාරයේ කුමන්ත්‍රණ කරමින් බැසිල්ගේ කකුලෙන් ඇද්දද කළ හැකි බිජ්ජක් නැත.

තව නොබෝ දිනකින් නන්දසේනගේ මිලිටරි කල්ලියට එරෙහිවද බර අවි ප්‍රහාර එල්ල කිරීමට නියමිතය. ජාතිවාදී සිවුරුකාර කල්ලියට රෙද්දේ රෙවෙන්ඩ පහරදුන් බැසිල්ට නන්දසීනිගේ මිලිටරි කල්ලිය සමග ගේමක් නැත.

සේනාධිපති , දිලිත් ජයවිර වැනි ජාවාරම් කරුවන් පැදුරටත් නොකියා නන්දසීනි හැර යන දිනය වැඩි ඈතක නැත