අගරදගුරුතුමාගේ O/L අසමත් ප්‍රකාශයෙන් සජිත් කුපිත වෙයි

පාස්කු ප්‍රහාරය එල්ල වන විට සජිත් නිවාස ඇමති විය .ප්‍රහාරයට පසු දින සජිත් අගරදගුරු සමග ක‍ටුවාපිටිය දේවස්ථානයට ගියේය. සජිත් එහි ගොස් සිය පට්ටන්දරය දිග ඇරියේය.තමන් වහාම දේවස්ථානය පිළිසකර කරන බව කීවේය සජිත්ගේ අවස්ථාවාදී හැසිරීම අගරදගුරුතුමාට ඇල්ලුවේ නැත. මැති ඇමතිවරු පොදු වැඩ කරන්නේ මහ ජනමුදලින් මිස තම පෞද්ගලික මුදලින් නොවන නිසා දේශපාලන වාසි තකා කථා නොපවත්වන ලෙස සජිත්ගේ මූනටම කීවේය .

මෙම සිදුවීමෙන් පසු හීන් නූලෙන් ගේම් දෙන සජිත්ද නිකම් බලා ගෙන සිටියේ නැත. සජිත් අගරදගුරුතුමාගෙන් පළි ගැනීමට උත්සාහ කළේය

  1. අගරදගුරුතුමා ජනාධිපතිවරණදී ගෝඨාභයට සහයෝගය දක්වන බවට සජිත් චෝදනා කළේය.
  2. ගෝඨාභයට ලද කතෝලික ඡන්ද 5% සජිත්ට හිමිවූයේ නම් ප්‍රතිඵලය වෙනස් වන බව හරීන් කීවේය. අගරදගුරුවරයාගේ වැඩ හිරිකිත බව හරින් කීවේය. මෙහි හඬ හරීන්ගේ වුවද අදහස දුන්නේ සජිත්ය.
  3. අගරදගුරුතුමා ගැන තමන්ටද විවේචනයක් ඇතැයි රන්ජන් රාමනායකද කීවේය. කාදිනල්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක්  තමන් සතු බව රන්ජන් කීවේය. සජිත් අගරදගුරුතුමාට එරෙහි විරෝධය අඛන්ඩව ගෙන ගියේ එලෙසිනි.
  4. මෑතකදී අගරදගුරුවරයා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලා කළු ඉරිදා විරෝධතාවක් පැවැත්වූයේය .සජිත් එම විරෝධතාව අල කළේය .ජනතාව කුපිත කරවන වැඩ නොකල යුතු යයි සජිත් කීවේය. සජිත් පහර දුන්නේ අගරදගුරුවරයාටය.
  5. අගරදගුරුතුමා බෝන් අගෙන් ආගමික සංවිධානයේ වැඩ වලට විරුද්ධය . නමුත් සජිත්ගේ පක්ෂය දුවන්නේ බෝන් අගෙන් සල්ලි වලිනි . සජිත්ගේ න්‍යායාචාර්යවරයෙකු වන ඉරාන් වික්‍රමරත්න මෙම සංවිධානයේ ජාත්‍යන්තර බල කනුවකි බල කණුවකි. සජිත්ගේ නැගෙනියත් මෙම කල්ලියේ  අනුගාමිකාවකි. අගරදගුරුට පහර දීමට යොදා ගන්නේ හරීන්, රන්ජන් වැනි බෝන් අගේන් අනුගාමිකයන්ය.

අගරදගුරුවරයා සජිත් කෙරේ දැක්වූ ප්‍රතිචාර

  1. ජනතාව ඡන්දය දිය යුත්තේ උගත් බුද්ධිමත් රට ගොඩ නැගිය හැකි අයෙකුට යයි ජනාධිපතිවරණය අභිමුවේ අගරදගුරු කීවේය . එය O/L අසමත් සජිත්ට එල්ල කළ අතුල් පහරක් විය
  2. සජිත් පාර්ලීමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලට අගරදගුරු සමග සිටි ඡායා රූප කිහිපයක් යොදා ගෙන තිබුණි. අගරදගුරු ඊට එරෙහිව ප්‍රකාශයක් කළේය.
  3. අගරදගුරුතුමා මැතකදී O/L Fail අය පාර්ලීමේන්තුවේ සිටිනවා කීවේය . O/L අසමත් චෝදනාව මුලින්ම වදින්නේ සජිත්ටය .

පාර්ලීමේන්තුවේ O/L අසමත් අය සිටින බවට අගරදගුරුවරයා කළ ප්‍රකාශයෙන් සජිත් කලබලයට පත්ව පත්ව ඇති බව තරුණ මන්ත්‍රීවරයෙක් අප සමග පැවසුවේය.

තවද, පාස්කු විද්වත් කමි‍ටුවට පත් කළ ජොන්ස්ටන්ගේ හෝ රත්තරන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලීමේන්තුවේදි ප්‍රශ්න නොකරන ලෙස සජිත් දැනුම් දී ඇත.

එමෙන්ම, වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යපන සුදුසුකම් පිළිබදව මධ්‍ය හමුවේ කථා කිරිම, ප්‍රශ්න කිරීම සම්පුර්ණයෙන් තහනම් කොට ඇත