ජනාධිපති අපේක්ෂක බැසිල් UTV මිලට ගනියි

දෙමළ මාධ්‍යයෙන් ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් විකාෂණය කරන චැනලයක් වන UTV බැසිල් රාජපක්ෂ විසින් මිලට ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අපට වාර්තා විය.

මෙය මධ්‍යස්ථ මාධ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටියද පසුගිය ජනාධිපතිවරණයෙදී සහ පාර්ලීමේන්තු මැතිවරණයේදීද වැඩ කළේ බැසිල් සමහ එකගතාවයෙනි.

මැතිවරණ සමයෙදී reputation management බිලකට යටත්ව වැඩ කළ UTV නාලිකාව මේ වන විට මුළුමනින්ම බැසිල් විසින් මිලට ගැන ඇති බව තොරතුරු දුන් මුස්ලිම් පාර්ලීමේන්තු මන්ත්‍රීවරයා අප සමග කීවේය.

UTV ලංකාවේ මුස්ලිම් ජනතාව අතර අතිශ්‍ය ජනප්‍රිය නාලිකාවකි. මෙම නාලිකාව ගොඩ නැගුවේ ප්‍රකට මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සහ රිෂාඩ් බදුර්දීන්ය.

කෙසේ වුවද ආණ්ඩුවේ තක්කඩියන් පිරිසක් මුස්ලිම් අන්තවාදීන් සමග දීග කෑමට සූදනම් වන බව විම්ල් වීරවංශ පසුගියදා කීවේය.

බැසිල් මීලග ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කළේ මෙම ගණුදෙනුව පමනක් නොවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම මාසිකව ගෙවීම් කරනු ලබයි