ප්‍රහාරයට පෙර මම සහරාන් හමුවුනේ නෑ, ගෝඨාගේ බුද්ධි අංශ ප්‍රධානියා කියයි

 පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන් හෂීම් මැලේසියානු ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හමුවූ බව නලීන් බන්ඩාර ප්‍රකාශ කළේය . ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 17 වැනිදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

යහපාලන ආණ්ඩු කාලයෙදී අවු 2ක් පමන හමුදා බුද්ධි අංශ ප්‍රධානිය ලෙස මොහු කටයුතු කළ අතර ඉන් පසු මොහු මැලේසියා ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක සම්බන්ධීකරන නිළධාරියා (DA) ලෙස පත් කර යැව්වේය.

මේ වන විට නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට එරෙහිව සැලේ පොලීසියට පැමිණිලි කොට ඇත.
 
 මන්තී‍්‍රවරයා සිදු කළ මෙම ප‍්‍රකාශය පදනම් විරහිත බවත් එම ප‍්‍රකාශය තුළින් තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බව සලේ සිය පැමිණිල්ල මගින් කියා ඇත
 

සුරේෂ් සලේ විසින් සිදුකරන ලද අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර නුදුරේදීම පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණාඩාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.