වැඩ බැරි චන්ද්‍රප්‍රේම නිසා ආණ්ඩුව ඇතුලේ ගැ‍ටුමක් !

ජීනීවා ඡන්ද විමසීමට ඇත්තේ තව පැය කිහිපයකි. මෙවර ජිනීවා හිදී ඉතිහාසයේ කිසි දිනක නොවූ සිදුවීමක් වාර්තා විය. සැසිය ආරම්භ කිරීමටත් කලින් මානව හිමිකම් කවුන්සිලය ලංකාවේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ පිලිබද වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කලේය.

ඡන්දය හිමි රටවල ඡන්දය ලංකාවට පක්ෂව ලබා ගැනීම සම්බන්ධයෙන් ජිනීවා වල සිටින මෙරට නියෝජිතයාට විශාල වගකීමක් පැවරෙයි

ගෝඨා සහ විදේශ ඇමති මේ පිළිබදව එහි සිටින නියෝජිතයා වන සී චන්ද්‍රප්‍රේමට දැනුම් දී තිබූනද ඔහු දිගින් දිගටම අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

ජිනීවා වලින් ලැබෙන තොරතුරු අනුව චන්ද්‍රප්‍රේම මුල් සති දෙක තුල අඩුම තරමින් විදේශ රටක නියොජිතයෙකු හමු වී කථා බස් කිරීමට වේලාවක් ලබා ගැනීමට වත් සමත් වී නැත.

දැන් වැඩ බැරි චන්ද්‍රප්‍රේම සිය නොහැකියාව වසා ගැනීමට අනුන්ට ඇගිල්ල දිගු කිරීමට පටන්ගෙන ඇත.

රජයේ ඇතැම් මැති ඇමතිවරු දුරදිග නොබලා කරන ප‍්‍රකාශ හේතුවෙන් මුස්ලිම් රටවල සහයෝගයද අහිමි වී ඇතැයි ඔහු ගෝඨාභයට කියා ඇත

විශේෂයෙන් බුර්කාව සහ නිකාබය තහනම් කිරීම සම්බන්ධයෙන් සරත් වීරසේකර සිදු කළ ප‍්‍රකාශය නිසා එය සිදුවූ බව චන්ද්‍රප්‍රේම විදේශ අමාතංශයට වාර්තා කොට ඇත

Note – සාමය ගැන කථා කිරීමට ජිනීවා යැවූ චන්ද්‍රප්‍රේම වැඩ බැරි අයෙක් පමනක් නොව ලේ තැවරුන ඉතිහාසයක් ඇති අයෙකි