ගෝඨාගේ හොද පුතා සමග රහස් කථා පැවැත්වීමට ගිය විමල් අමාරුවේ !

ටිරාන් අලස්ගේ නිවසේ දී විමල් වීරවංශ හමුවූ බවට පළවූ වාර්තා අසත්‍ය බව සජිත් ප්‍රකාශ කරයි. ඔහු මේ බව පවසා ඇත්තේ සති අග අරුණ පුවත්පත සමග සංවාදයකට එක් වෙමිනි.

අදාළ හමුව පිළිබඳ පුවත අසත්‍යයක් යයි විමල්ද කීවේය. තමන්ගේ නිවසේ එවැනි හමුවක් සිදු වූයේ නැති බව ටිරාන් අලස්ද ප්‍රකාශ කළේය

කෙසේ වුවද සති අග අරුණට සජිත් ප්‍රකාශ කළ ඇතැම් කරුණු අසාමාන්‍ය ස්වරූපයක් දැරුවේය. ඇමැති විමල් වීරවංශ තමන් මුණ ගැසීමට වෙලාවක් ඉල්ලා සිටි බව සජිත් කියා තිබුණි . නමුත් තමන් විමල් හමු වූයේ නැතැයි සජිත් කීවේය. මොවුන්ගේ කථා පුහුල් හොරා කරෙන් දැනේ මෙනි

මේවන විට ගෝඨාභයගේ විශ්වාසතම පුත්‍රයා වී සිටින්නේ සජිත් ප්‍රේමදාසය. සජිත් ගෝඨාබයට දන්වා මිස හොරෙන් විමල් සමග කථා පැවැත්වීමට යන්නේ නැත.

රටේ තිබෙන තත්වය අනුව පාර්ලීමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් බලය අල්ලා ගැනීමේ සැලසුමක් සජිත්ගේ තුන් හිතකවත් නැත. 2025 දී වත් බලය ලබා ගැනීමට සජිත්ට හදිස්සි නැත. සජිත්ට අවශ්‍ය විපක්ෂ නායක ධූරය ‍රැක ගැනීම පමනි

සජිත්ගේ සැලසුම් ගැන හරි හැටි අවබෝධයක් නැති විමල්, සජිත් සමග රහස් කථා පවත්වා අමාරුවේ වැටී ඇතිබව ජනාධිපතිට සමීප නිලධාරියෙක් අප සමග කීවේය