වලපනේ ගොන්කථා අතර ‘ඔඩිස්සා’ කථාව කීවේ ගොන්කමටද තක්කඩිකමටද ? ජවිපෙ CID විමර්ශණයක් ඉල්ලයි

නන්දසීනි වලපනේදී පැවැත්වූ ගමසමග පිළිසඳරේදී තමන්ගේ රජය යටතේ කැලේ කපන්නේ නැතැයි කීවේය. පරිසරය හොදටම ආරක්ෂා කරන්නේ තමන් බවද කීවේය

තමන් ඒ ආකාරයට පරිසරය ආරක්ෂා කරන විට විපක්ෂයේ පිරිස් තමන්ට අභූත චෝදනා එල්ල කරනේ යයි නන්දසීනි කීවේය.නන්දසීනි සිය නැන පමනින් ඊට සාක්ෂිද ඉදිරිපත් කලේය.

JVP පරිසර වේදියෝ නම් FB පි‍ටුවක් කෑලෑ කපනවා යයි බොරු ප්‍රචාරය කරන අන්දම නන්දසීනි පෙන්වූයේය. ඉන්දියාවේ ඔඩිස්සා වල සිදුවූ කැලෑ කැපීමේ ඡායාරූප කිහිපයක් ලංකාවේ කැලෑ කපනවා යයි ප්‍රචාරය කර ඇති බව නන්දසීනි කීවේය.

නමුත් JVP පරිසර වේදියෝ පි‍ටුව ”Smart පැරඩියක” ස්වරූපයයෙන් බයියන් විසින්ම පවත්වාගෙන යන පි‍ටුවකි. නන්දසීනි වලපනේ ගොන් කථා අතරට මෙම ගොන් කථාව එක් කළේ සිය මෝඩ කමටද එසේ නොමැතිනම් තක්කඩි කමටද යන්න තවම පැහැදිලි නැත.

Smart පැරඩියක ස්වරූපයෙන් පවත්වාගෙන යන FB පි‍ටුව තමන්ගේ එකක් නොවන බවත් ඒ පිලිබදව විමර්ශන කර එය පවත්වාගෙන යන්නන් කවුදැයි ජනපතිට හා රටට හෙළිදරව් කරන්නැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (21) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.