විමල් එළවන මෙහෙයුමට ගෝඨා පිලේ දිලිත් ජයවීරත් එකතු වෙයි

ටිරාන් අලස්ගේ නිවසේදී සජිත් ගම්මන්පිල හමුවක් සිදුවූ බව මේ වන විට තහවුරු වී ඇත. නමුත් ඊට විමල් වීරවංශ එක්වූයේද යන්න තහවුරු කරගැනීමට කිසිවෙකුට හොහැකිව තිබුණි.

තත්වය මෙසේ තිබියදී, පසුගිය ඉරිදා නිකුත්වූ සතිඅග අරුණ පුවත් පතේ විමල් – සජිත් හමුවක් ගැන වාර්තා කොට තිබුණි. විමල් වීරවංශ සජිත් හමුවීමට වේලාවක් ඉල්ලා සිටි බව දිලිත්ගේ පුවත් පත වාර්තා කළේය. අදාල පුවත සති අග දෙරණට කීවේ සජිත් බවද ප්‍රවෘත්තියේ සදහන්ව තිබුණි.

නමුත්, එම පුවත්පත වෙළද පොළට නිකුත්වීමෙන් අනතුරුව ‘අරුණ’ ප්‍රවෘත්තිය ඒක පාර්ශික වාර්තාකරනයක් යයි සජිත් ප්‍රකාශ කළේය .එම පුවත පල කිරීමට පෙර තමාගෙන් කිසිදු විමසීමක් නොකල බව සජිත් කීවේය.

කෙසේ වුවද, එම පුවතේ සංවේදී බව සහ ඉන් පාර්ශවයට සිදුවන හානිය තකා විපක්ෂ නායකයාට සතිඅග අරුණට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකිව තිබුණි. අඩුම තරමින් සජිත්ගේ පාර්ශිකයන්ගේ හිතසුව තකා පුවත්පත් මණ්ඩලයට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුව තිබුණි . නමුත් සජිත් එවැන්නක් නොකළේය

තවද විමල් අදාල පුවත පිළිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. සජිත් – විමල් – ගම්මන්පිල හමුවක් සිදුව ඇති බව වසන් කළ හොහැකි බවත් මෙම තුන් කට්‍ටුව අමාරුවේ දැමීමට දිලිත් ජයවීර අදාල පුවත පල කළ බව පොහොට්‍ටුවේ ප්‍රභලයෙක් අපට කීවේය

දිළිත් ජයවීර අලිසබ්‍රිගේ කිට්‍ටු හිතවතෙක් වන බවත් මේ වන විට විමල්ට සහ ගම්මන්පිලට එරෙහි නඩු ගොණු සබ්‍රීගේ මේසයට කැඳවා ඇති බව පොහොට්‍ටු ප්‍රභලයා කීවේය.

ගිරිය පුප්පන් කෑගැහුවාට දේශප්‍රේමී වන්නේ නැතෙයි කියා විමල්ට එරෙහි පලමු වෙඩිල්ල තැබුවේ අලි සබ්‍රිය. එජා මානව හිමිකම් සැසියේ ඓතිහාසික පරාජයෙන් පසු අලි සබ්‍රී විසින් විමල්ට බර අවි ප්‍රහාර දීමට නියමිතය

සජිත්ගේ සමරුපලක කේස් එක සහ සංස්කෘතික අරමුදල් මගඩිය දැනටමත් එහි තිබෙන බව ඔහු වැඩිදුරටත් කීවේය